Sunday, September 27, 2015

SMS ගහන විදිහට සිංහලෙන් type කරමු.



අපිට මේ පහසුකම දෙන්නෙ කොළඹ විශ්ව විද්‍යාලය මගින් තමයි. ඒක හරිම ලේසියි.ගොඩක් සිංහලෙන් අපිට facebook වල හා අනිත් social network වලදි අපිට comment එහෙම සිංහලෙන් දාන්න පුලුවන් ලේසිම ක්‍රමය තමයි මේ පහසුකම.


මුලින්ම අපි google වල Sinhala Unicode කියල type කරල Search කරන්න.








ඊට පස්සෙ මුලින්ම එන Sinhala Uniclode - University of colombo school of computing කියන එක ක්ලික් කරන්න.











ඊට පස්සෙ අපිට පුලුවන් sms කරන විදිහට සිංහලෙන් Type කරන්න. ඒකෙ තියන Transliterated ( SinGlish Scheme) කියන තැන අපි sms ගහන විදිහට type කරහම Unicode (යුනිකෝඩ්) කියන තැන සිංහලෙන් පරිවර්තනය වේලා අපිට පෙන්නනව.







මෙන්න මේ විදිහට අපිට ඕන විදිහට සිංහලෙන් type කරගන්න පුලුවන්.




ADSL රවුටර් එකක් Configuration කරන්නේ කොහොමද?



ADSL Router Configuration..










අපි මුලින්ම කරන්න ඕන රවුටර් එක නිවැරදිව පරිගණකයට සම්බන්ධ කිරීමයි. ඊට පස්සෙ අපි පරිගණකයේ ඇති ඉන්ටර්නෙට් බ්‍රව්සර් එකක් භාවිතා කරගන්න ඕන.ඒකට අපි ඉන්ටර්නෙට් බ්‍රව්සර් එකක් open කරගෙන ඒකේ තියෙන ඇඩ්ඩ්‍රස් බාර් එක අපිට මේ ADSL සම්බන්ධාව ලබා දී ඇති ආයතනය මගින් අපට දීලා තියන IP අංකය එහි type කරල එන්ටර් කරන්න.










ඊට පස්සේ එනව අපිට එනව User name එක Password එකයි ඇතුලත් කරන්න. අපිට අන්තර්ජාල සේවාව ලබා දුන්න ආයතනය විසින් අපිට User name එක Password එකයි දෙනව. නැත්තම් රවුටර් එකේ යට ඒ දේ සදහන් කරල තියනව.









ඊට පස්සේ අපිට පුලුවන් අපේ ADSL රවුටර් එකට ලොග් වෙන්න. ඒ එන තැ තියන Quick Start වල තියන Run Wizard ක්ලික් කරන්න ඕන.











ඊලගට එන වින්ඩෝ එක Next කරන්න.







ඊලගය එන වින්ඩෝ එකෙන් අපිට කරන්න තියෙන්නෙ හරි Time Zone එක තෝරන්න.







ඊලගට අපිට තියෙන්නේ අපි අන්තර්ජාල ආයතය විසින් දීල තියෙන Connection Type එක තෝරන්න.ඒකෙ තියෙන PPPoE/PPPoA එක තෝරල Next කරන්න






දැන් අපිට කරන්න තියෙන්නෙ අපි අන්තර්ජාල අයතනය මගින් දුන්න User Name Password ඇඩ් කරන්න.

ඒ වින්ඩෝ එකේ තියෙන VPI 8 ත් VCI 35 විදිහට වෙනස් කරල Connection Type එකට PPPoE LLC තෝරල Next කරන්න.







දැන් අපේ වැඩ ටික ඉවරයි.දැන් එන වින්ඩෝ එකත් Next කරන්න.







දැන් සෙටින් ඔක්කොම හරියට අපි add කරල ඉවරයි. දැන් එන විනඩෝ එක Close කරල router එක Restart කරන්න.




Saturday, September 26, 2015

අපි නොදන්න භාෂාවල් පරිවර්තනය කරගන්නේ මෙහෙමයි.



ගූගල් ට්‍රාන්ස්ලේට් - GOOGLE TRANSLATE







අපි අද බලමු මේ ගූගල් ට්‍රාස්ලේට් කියන්නේ මොකක්ද කියල. මෙම පහසුකම හදුන්වා දුන්නේ google සමාගම විසින්. මේ පහසුකම නිසා අපිට පුලුවන් ඕනෑම භාෂාවක් අපට තේරෙන සිංහලට හරවගන්න.එත් යම් යම් භාෂාවල් වල ව්‍යාකරන වෙනස්වීම නිසා අපි සිංහලට පරිවර්තනය කරනකොට නිවැරදි ව්‍යාකරනත් එකක් එන්නෙ නෑ.ඒත් ඒ දේවල් අපිට තේරෙන විදිහට බලාගන්න පුලුවන් ඒක අපිට ගොඩක් වටිනවා‍ ‍ මෙම පහසුකම තුලින් අපිට අන්තර්ජාලයේ අපේ දැනුම හා අධ්‍යාපනය වැඩි දියුණු කරගන්න පුලුවන් වටින පහසුකමක් තමයි මේ Google Translate කියන්නෙ.






අපි මුලින් බලමු මේක පාවිච්චි කරන්නෙ කොහොමද කියල. අපි මුලින්ම google Search කරන තැන Google Translate කියල type කරල Search කරන්න.












Search කරාම අපිට ඒ Google Translate පහසුකම භාවිතා කරන්න තැනක් එනව.










අපිට Translate කරන්න ඕන දේ Enter Text කියන තැන type කරල Translation කියන පැත්තෙන් අපිට අවශ්‍ය භාෂාව තෝරන්න ඕන.















දැන් අපිට භාෂාව තෝරගත්හම ඒ භාෂාවට අදාල විවිධිහට අපිට ඕන දේ Traslate කරල දෙනව.





















අන්න ඒ විවිධිහට තමයි අපිට ඕන වචන වාක්‍ය ආදිය අපිට තේරෙන විධිහට අපි google Translate වලින් Translate කරගන්නෙ.









පරිගණකයේ ආරක්ෂාවට ඇතිවන තර්ජන




අද පරිගණක ලෝකය දිනෙන් දින දියුණු වන අතර එහි තාක්ෂණය අතින් දිනෙන් දින දියුණු වේ. ඒ දියුණුවත් සමග එයට හානි කරන පැත්තද දිනෙන් දින වැඩි වේ. එසේ එම තාක්ෂණය සමග පරිගණකයට ඇතිවන තර්ජන ප්‍රධාන වශයෙන් කොටස් 04 ක් යටතේ අපිට කතා කරන්න පුලුවන්.


  • පරිගණක වෛරස - Computer Virus 

  • ඔත්තුබලන මෘදුකාංග - Spyware 

  • හැකර් - Hacker 

  • තතුබාන තර්ජන - Phishing Threats 




පරිගණක වෛරස - Computer Virus





අපි මුලින්ම බලමු පරිගණක වෛරස කියන්නෙ මොකක්ද කියල?


සාමාන්‍යයෙන් වෛරස් නමින් හඳුන්වන්නේ අපට අවශ්‍ය නැති යම්කිසි ක‍්‍රියාවලියක් මගින් පරිගණකය තුළ ක‍්‍රියාත්මක වෙමින් ඔබගේ කටයුතුවලට බාධා පැමිණවිය හැකි මෘදුකාංගවලටයි. නමුත් අද වන විට වයිරස්වලින් ඊට වඩා බොහෝ දේවල් සිදුකරනු ලබනවා. දත්ත මංකොල්ල කෑම, අපට නොදැනුවත්ව ම පරිගණකයට රිංගාගෙන ඕනෑ එපාකම්වලට භාවිත කිරීම, පරිගණකයේ හිස්ව ඇති drive space තාවකාලිකව භාවිතා කිරීම, නොයෙකුත් ආකාරයේ වෙළෙඳ දැන්වීම් පෙන්වීම මේවා අතර විශේෂයි. ඇත්තට ම මේවා අනවශ්‍ය තැරැුව්කරුවකු හෝ දුෂ්ඨයෙකු ලෙස ක‍්‍රියාකරයි. ඔබ තුළ නොරිස්සුම් ස්භාවයක් ඇති කරයි. සමහර අවස්ථාවල කළකිරීමට හෝ අලස බවට ඔබේ හිත පත්කරන්නට තරම් මේවා සමත් වෙනවා.



පරිගණක වෛරස් නිර්මාණය කරන්නේ කව්ද?

වෛරස් ඉතා සියුම්ව හා ඉහළ ක‍්‍රියාකාරීත්වයෙන් යුක්තව නිර්මාණය කරනු ලබනව. කළින් සඳහන් කළ පරිදි අපේ පරිගණකය තුළට රිංගාගෙන අනිසි ක‍්‍රියාකාරකම් කිරීම වෛරස්වල ප‍්‍රධාන අරමුණයි. වෛරස් නිර්මාණය කරන පුද්ගලයන් හෝ කණ්ඩායම් හි අරමුණ මුදල් උපයා ගැනීමයි.

මේ වෛරස් පැතිරෙන්නේ කොහොමද?

පරිගණක වෛරස් කියන්නේ ඇත්තටම අපිට හැදෙන වෛරසයක් වගේ.හැබැයි ඒකත්පරිගණක වැඩසටහනක්මයි. එයාට පුළුවන් CD, DVD, Network, USB Flash Drive/ Data card, Internet, E-mail වගේ මාද්‍යක් හරහා, පරිගණකය භාවිත කරන්නාගේඅනුදැනුමකින් තොරව ස්වයංක්‍රීයව පැතිර යන්නත්, තමන්ගේම පිටපත් සාදමින් හැකිතරම් පරිගණකය තුල ව්‍යාප්ත වෙන්නත්. ඒ වගේම ගොඩක් වයිරස් හදල තියෙන්නේඅපිට නොපෙනෙන්න සැඟවිලා ඉන්න පුළුවන් විධියට. බොහෝ විට මේවා වෙනත් ධාවනය කල හැකි exe ආකාරයේ වැඩසටහන් ගොණු වලට ඈඳිලා පැතිරයන අවස්ථා තියෙනවා. අපි අදාල වැඩසටහන run කල විට මේ හැංගිලා ඉන්නවයිරස් එක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ වගේ වෙලාවට එයාට පුළුවන්තවත් වැඩසටහන් වලට අනුබද්ධ වෙන්න.



විවිධ වෛරස් වර්ග.








Trojan Horses..


පිටතින් වෙන වැඩ සටහනක් මෙන් පෙනීසිට, පරිගනකයට අනවසර පුදිගලයන්ට ඇතුලු වීමට සැලැස්වීම, පරිගනකයේ ඇති දත්ත පිටස්තරයන්ට ලබාදීම.


Worms..


පරිගණක ජාල හරහා පරිශීලකයාට කිසිදු දැනුම් දීමකින් තොරව පැතිරොන වෛරස වර්ගයක්. බොහෝවිට ඉලක්ක පරිගණකියේ දත්ත විනාෂ කිරීම හෝ දූෂිත කිරීම සිදු කරයි.


Boot Sector Viruses..

දෘඩ තැටියේ හෝ වෙනත් දත්ත ගබඩා කිරීමේ මාධ්‍යයක ආරම්භක කොටස් වල පැතිරෙන වෛරස.


Email Viruses..


විද්‍යුත් තැපෑල මාර්ග‍යෙන් පැතිරෙන් වෛරස. සාමාන්‍යයෙන් මෙම වෛරස ස්වයංක්‍රීයව ලිපින එකතු‍වේ (address book) ඇති අනෙකුත් විද්‍යුත් තැපැල් ලිපිනයන්ටද වෛරස‍ය තැපැල් කර යවමින් පැතිරෙයි.


Companion Viruses..


Ms Dos (PC Dos) වලදි වැඩසටනක් ආරම්භ කරනු‍යේ එම වැඩසටනේ නම කෙලින්ම තිරය මත සටහන් කිරීමෙනි. උදා- run.exe එක ධාවනය කිරීමට run කියා හෝ run.exe ලෙස ටයිප් කල යුතුය. පරිශීලකයා බොහෝ විට පළමු ක්‍රමය අනුගමනය කරයි. නමුත් පරිගණකයේ run.com නමි file එකත් තිබුනොත් වැඩ කරන්නේ run.com වැඩසටහනයි. (ඔබ dos මත වැඩ වැඩටහනක නමක් දිගුවක්(extension) නොමැතිව ධාවනය කරන වි‍ට පළමුව dos මගින් .bat ආකාරයේ වැඩටහනක් ඇත්දැයි සොයයි. පසුව .com හා ඉන් පසුව .exe ආකාරයේ වැඩටහනක් අත්දැයි සොයයි. ඉන් හමුවන පළමු වැඩසටහන ධාවනය කරයි). මෙම ගුණාංගය ප්‍රයෝජනයට ගෙන මෙම වර්ගයේ වෛරස නිර්මාණය කර ඇත. වෛරසය මගින් දැනට පරිගණකයේ ඇති .exe ආකාරයේ ‍ගොනු සඳහා .com ආකාරයේ ‍ගොනු සාදයි. ඒවා තුළ වෛරස තැන්පත් කරයි. ඒ නිසා පළමුව වෛරසය ධාවනය වී පසු‍ව වෛරසය .exe ගොනුව ධාවනය කරවයි. මේ ආකාරයට පැතිරීම සිදුකරයි.


Logic Bombs and Time Bombs..


පරිගණකයේ කිසියම් ක්‍රියාවක් හා අනුබද්දව ප්‍රතිචාර දක්වයි.(උදා - ගොනු මකා දැමීමේදී, මුද්‍රිත පිටපත් ලබා ගැනීමේදී) මෙම වෛරස නියමත කාලයකට අනුව ප්‍රතිචාර දක්වයි නම් එයට Time bomb කියා කියයි.


Macro Viruses..

Microsoft office පැකේජයන් හී භාවිතා වන නි‍‍‍‍යෝග එකලස (macro) මාර්ගයෙන් පැතිරෙයි.



Cross-site Scripting Virus..

මෙම වැඩ සටහන් සත්‍යය වශයෙන්ම වෛරස නොවූවත් සිදුවන හානිය ගැන සලකා වෛරස සේ වර්ග කරයි.



පරිගණක වෛරස් ඉතිහාසය.

1986 ජනවාරි මාසයේ දී තමන්ගේ පරිගණක වල අමුතු ආකාරයේ පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක වන බව පරිගණක ඉංජිනේරුවන්ට වාර්තා විය. මේ අනුව ඔවුන් අමුතු පන්නයේ වැඩසටහනක් සොයා ගත්හ. එයFloppy ඩිස්කයේ තැනක සැඟව සිටි Boot Sector වර්ගයේ පරිගණක වැඩසටහනකි. ආසාධිත Floppy ඩිස්කය යම් පරිගණකයකට ඇතුළු කළ විට මුලින්ම මේ වෛරසය පරිගණකයේ තැන්පත් වෙයි.

Brain ලෙස හැඳින්වූ මෙම වෛරසය පකිස්ථානයේ මෘදුකාංග සමාගමක් විසින් නිර්මාණය කරන්නට ඇති බව විශ්වාස කරයි. තම නිෂ්පාදන ප්‍රතිනිර්මාණය කිරීම වැළැක්වීමට නිමැවූ එහි ඉබේ පැතිරීමේ ගතිය පිළිබඳ ඔවුන් උනන්දු නොවීම මෙම වෛරසය පැතිරීමට හේතුව විය. දැන් තිබෙන සෑම වෛරසයක්ම Brain ට වඩා දහස් ගුණයක් බලවත්ය.

මෙසේ පරිගණක ආශ්‍රිත ඕනෑම තැනක වැඩ කඩාකප්පල් කළ හැකි ඉබේ පැතිරෙන්නට පුළුවන් මේ වැඩසටහන් වලට Virus යන නම ඇමරිකානු පරිගණක විද්‍යාඥ ෆ්‍රෙඩ් කොහෙන් විසින් 1984 දී පටබඳින ලදී. එකල වෛරස් නොතිබුනද Brain හට ඉහත ගුණ වූ නිසා එය වෛරසයක් ලෙස පිළිගැණුනි.

නමුත් ලෝකයේ පළමු විනාශකාරී වෛරසය ලෙස පිළිගැනෙන්නේ Elk Cloner වෛරසයයි. Apple II යන්ත්‍ර වලට විනාශකාරී ප්‍රතිඵල ගෙන දුන් මේ වෛරසය 15 හැවිරිදි රිචඩ් ස්කෙන්ට්‍රා විසින් සකසන ලද්දකි. එකල අන්තර්ජාලය ප්‍රචලිතව නොතිබූ නිසා හානිය කුඩා විය.

දැන් තිබෙන වෛරස් පැය කීපයකින් ලොව පුරා පැතිරේ. සමහරක් වෛරස් මුළු අන්තර්ජාලයම බිඳ දමන්නට සමත් ඒවා විය. 2003 ජනවාරි 25 දින හඳුනාගත් Slammer හෙවත් Sapphire නම් worm වර්‍ගයේ විනාශකාරී වැඩසටහන නිසා ඉන්ටර්නෙට් මෙහෙයවන Name Servers 13 න් 5 ක්ම අඩපණ විය. ආරක්ෂක උපක්‍රම නොයෙදුණා නම් නැවත සකසන තෙක් අන්තර්ජාලය අතුරුදහන් වන්නට ඉඩ තිබිණි.


පරිගණක වෛරස වලින් ආරක්ෂා වෙන්නෙ කොහොමද?

පරිගණකයට ප්‍රති වෛරස මෘදුකාංග භාවිතා කිරීම.(Anti Virus Guard)





අද ලෝකයේ පරිගණක වලට වෛරස් වලින් එන තර්ජන වලක්වා ගන්න ගොඩක් ප්‍රති වෛරස මෘදුකාංග භාවිතා කරනව. තම පරිගණකයට එන විවිධ වූ පරිගණක වෛරස වලින් තම පරිගණකයට වන හානි වලින් ආරක්ෂා කිරීමට ගොඩක් උදවුවන මෘදුකාංගයක් තමයි ප්‍රති වෛරස මෘදුකාංග කියල කියන්නෙ. එම මෘදුකාංග නොමිලා දෙන මෘදුකාංග හා මුදල් ගෙවා එම මෘදුකාංග අපට ලබා ගන්න පුලුවන්. ඒ මොනවද කියල අපි බලමු


නොමිලේ ලබා ගතහැකි ප්‍රති වෛරස මෘදුකාංග.

Panda Free AntiVirus


Bitdefender Antivirus free edition


Malwarebytes anti-exploit free


Ad-ware free antivirus


Avast Free antivirus


AVG Antivirus free


Qihoo 360 total Security Essential


Comodo Antivirus 8


Forticlient 5.0





මිළදී ගත හැකි ප්‍රති වෛරස මෘදුකාංග.



Webroot Secureanywhere antivirus


Bitdefender antivirus Plus


Kaspersky Antivirus Plus


F-Secure Antivirus


Mcafee Antivirus Plus


Panda Antivirus Pro


AVG Antivirus


ESET NOD32 antivirus






fire wall මෘදුකාංග භාවිතා කිරීම














ෆයර් වෝල් එකක් කියන්නේ ඕනෑම නෙට්වර්ක් එකක් හරහා අපේ පරිගණකයට යන එන දත්ත පාලනය කරන එක් ක්‍රමයක්. මේ හරහා වෙනත් පුද්ගලයන් හෝ වැඩසටහන් පරිගණකයට අනවසරයෙන් ඇතුල්වීම වළක්වනවා. සාමාන්‍යෙයන් බොහොමයක් ඔපරේටින් සිස්ටම් inbuilt ෆයර්වොල් එකක් තියෙනවා . නමුත් සමහර හේතුන් මත මෙය ක්‍රියානොකරන්න පුළුවන්. ඒ නිසා ඕනෑම නෙට්වර්ක් එකකටසම්බන්ධ වෙන හැම වෙලාවකම අපි ෆයර්වෝල් ඔන් කරලා තියෙන්න ඕනේ.






අපේ පරිගණකය ආරක්ෂා කර ගැනීමට අපට තවත් දේවල් කරන්න පුලුවන් ඒවා තමයි ඔරිජිනල් මෘදුකාංග භාවිතා කිරීම. වින්ඩෝස් Update කිරීම Crack කරන ලද මෘදුකාංග භාවිතය අවම කිරීම ආදී දේවල් වලින් අපේ පරිගණකය විවිධ තර්ජන වලින් ආරක්ෂා කරගන්න පුලුවන්.


හැකර් - Hacker


හැකර් කෙනෙක් කියන්නේ පරිගණක වල හා ඉලෙක්ට්‍රොනික උපකරණ පිලිබඳ මනාව හොඳින් දන්නා කෙනෙක්. හැකර් වරු හුගක්ම කරන්නේ මේ පරිගණක පද්ධති කොහොමද ක්‍රියාත්මක වෙන්නේ හා ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද යන දෙවල් පිළිබඳව නිතර හොයලා බලන කෙනෙක්. ඒ කියන්නේ හුගක්ම ජිවිතේ පරිගණක එක්ක ගෙවන කෙනෙක්. එහම උනා කියලා නිතරම facebook එකේ ඉන්න කෙනෙක් හැකර් කෙනෙක් නම් වෙන්නේ නැ. මොකද හැකර් කෙනෙක් හැම වෙලේම බලන්න ඕනේ කොහොමද කිසියම් පද්දතියක් ක්‍රියාත්මක වෙන්නේ කියන එකේ ගැන. ඊට පස්සේ හැකර් ඒ පද්ධතියේ තියෙන මොනවා හරි week point එකක් හොයාගන්නවා. ඊට පස්සේ ඒ week point එකෙන් ඒ system එක නවත්වන්න හරි එකේ තියෙනේ දත්ත ගන්න ක්‍රමයක් හදනවා. මේක පොඩි program එකක් වෙනත් පුළුවම්. නැත්තම් පොඩි script එකක් වෙන්න පුළුවම්. ඊට පස්සේ ඒ පොඩි program එක use කරලා හැකර් system එක ඇතුලට යනවා. ඉතින් මේ week point එක හොයාගන්න හිතන තරම් ලේසි නැ.



හැකර්ලා වර්ග දැනගමු..


වයිට් හැට්












මේ ගොල්ලෝ තමා හොඳ hacker ලා කියලා හදුන්වන්නේ. මේ ගොල්ලෝ තමන්ගේ දැනුම හොඳ දේවල් වලට ඒ කියන්නේ තමන් දන්න දැනුම system එකක් protect කරන්න තමා යොදා ගන්නේ. මේ අය කරන්නේ system එක hack කරන්න try කරලා ඒ system එකේ hack කරන්න ක්‍රමයක් තියෙනවා නම් ඒ පිළිබඳව ඒ system එකේ අයිති කාරයාව දැනුවත් කරන එක. මේ අයට ලංකාවේ කියන name එක තම Ethical hacker කියන්නේ. ඉතින් එකෙන් කිසිම දෙයක් hacker ඩ ලැබෙන්නේ නැ නේ. දැන් දැන් ලෝකයේ ඉදිරියට එන යුද්ධය තමා cyber war එක. ඒ කියන්නේ ලෝකයේ ඉන්න hacker වරුන්ගේ ගන්න ඉහල යාම නිසා පරිගණක system ඉන්න නරක hackers ලා hack කරන එක. ඉතින් දැන් අලුත්ම ජොබ් market එකක ඇති වෙලා තියෙනවා වටිනා කියන data තියෙන ආයතනයකම ethical hacker කෙනෙක් වැඩට ගන්න. ලොකු පදියකුත් එක්ක. මොකද මෙයාට කිසිම වැඩක් කරන්න නැ




බ්ලැක් හැට්




මෙයාලා තමා නරකම අය. මේ ගොල්ලෝ system වලට රිංගනවා. data උස්සනවා. password ගන්නවා, සල්ලි උස්සනවා කරන්න තියෙන ඔක්කොම නරක වැඩ මේ ගොල්ලෝ කරනවා. මේ ගොල්ලන්ට කව්රුත් පඩියක් ගෙවන්නේ නැ. නමුත් මේ ගොල්ලන්ට හම්බ කරන්න පුළුවම් . එ තමා සමහර මිනිස්සු තමන්ගේ තරහා කාරයින්ගේ system හැක් කරන්න කියලා මේ ගොල්ලන්ට වැඩ බර දෙනවා. ඒ දේවල් වලින් මේ ගොල්ලන්ට හම්බ කරන්න පුළුවම්. මේ ගොල්ලෝ කිසිම හිඅතක පපුවක් නැති අය විදිහට තමා හදුන්වන්නේ. ඕනෙම දෙයක් කරනවා. ඒ කරන දෙයින් වෙන බලපෑම කීදෙනෙකුට අදාලා වෙනවද කියන එක පිළිබඳවත් මේ අයට කිසිම අදාලත්වයක් නැ.


තතුබාන තර්ජන - Phishing Threats






මෙමගින් කරණුයේ අන්තර්ජාලය තුලින් විවිධ ආයතනා හා පුද්ගල නම් වලින් විවිධ සමාජ වෙබ් අඩවි ආදී බොහෝ ආකාරයෙන් වෙස්වලාගෙන මෙම තර්ජන තමන්ව විවිධ පහසුකම් විවිධ දේවල් මුදල් දිනුම් ආදී ලබා දෙන බවට රවට්ටා තමන්ගේ දත්ත බැංකු ගිණුම් කේඩිට් කාඩ් ආදිය හි දත්ත සොරා ගැනීමට මොවුන් උතසහ කරයි.





Saturday, September 19, 2015

පරිගණකයට සම්බන්ධවන කනෙක්ටර් වර්ග









පරිගණකයට සම්බන්ද කරල තියන ඔනෑම උපකරණයක් බැලුවොත් පරිගණකය තුල වගේම ඒ උපකරණය තුලත් වයර් පිරිලා.අමුතු අමුතු නම් තියන ඒක ඒක පාට වයර් ගොඩාක්. ඔයාලට ප්‍රශ්ණත් ඇති,ඇයි හාඩ් ඒක සම්බන්ද කරන්න IDE හරි SATA හරි Cable ඒකක් භාවිතා කරන්නේ? ඇත්තටම USB 1.0,2.0,3.0 වල වෙනස් කම් තියනවද?Fire-wire කියන්නේ Fire wall ඒකේම කොටසක්ද? වගේ. මේ cable වර්ග වලට අපි හැමොම වගේ පාවිච්චි කරන්නේ කෙටි නම් SATA,IDE,USB වගේ.ඇත්තටම මේවායේ තෙරුම මොකක්ද?මේ වගේ ප්‍රශ්ණ ගොඩකට උත්තර ඔයාලට මෙ ලිපිය කියවල හොයාගන්න පුලුවන් වේවි. ගොඩාක් ජාතියේ Cable වර්ග තිබුණත් ඒවයින් කිපයක් ගැන විස්තර තමයි පහල තියෙන්නේ.


VGA (Video Graphics Array)





1980 ගණන් වල තමයි VGA connection ඒක පළමුවෙන්ම නිපද වලා තියෙන්නේ.මේක තමයි පරිගණක තිරයට පරිගණකය සම්බන්ද කරන සම්මත Cable ඒක.ඩිජිටල් කනෙක්ෂන්ස් වල පැමිණිමත් සමග ක්‍රමාණුකුලවVGA connection වල ජනප්‍රියතාව අඩු උනත් තවම video card සමග VGA port ඒකක් දකින්න පුලුවන්. VGA කනෙක්ෂන් ඒක හදුනාගන්න පුලුවන් පේලි 5 බැගින් පේලි 3 ලෙස පිහිටි Pin 15 මගින්.


DVI (Digital Visual Interface)







තාක්ශණය analog වලින් digital වලට ගමන්කරන විට VGA වෙනුවට පැමිණුන සාර්තකම තාක්ශණික පිලියම තමයි DVIකියන්නේ.මේවා LCD,LED වගේ display වල භාවිතා වනව.DVI Connections ආකාර 3 තියනව. DVI-A: සිග්නල් සම්ප්‍රේශණයට. DVI-D: නවතම digital සිග්නල් සම්ප්‍රේශණයට. DVI-I :analog/digital සිග්නල් වර්ග 2 ම සම්ප්‍රේශණයට.




HDMI (High Definition Multimedia Interface)









පසුගිය දශක 2 තුලදි High-Quality තමයි නවතම ප්‍රමිතිය උනේ දත්ත සම්ප්‍රේශණය කිරිමේ.අපි HD කියන්නේ මේක තමයි.VGA,DVI වගේ නෙවෙයි HDMI වලින් Audio/Video සිග්නල් වර්ග 2 ම ඒකවර යවන්න පුලුවන්.හැබැයි Digital signal විතරයි.ඒ කියන්නේ HDMI ගැලපෙන්නේ නවතම උපකරණ සමග පමනයි.HDMI connections වර්ග 4 තියනව.



Type A:pin19


Type B:pin29


Type C:pin19(Digital camera,PDA)


Type D:pin 19 (Micro USB cord)


USB (Universal Serial Bus)








USB Connection ඒක තමයි දැනට ලෝකය පුරාම පැතිරිලා තියන වඩාත් ජනප්‍රිය connection ඒක.සම්පුර්ණයෙන්ම වගේ පරිගණක උපාංග-keyboard,mics,headset,flash drive,ect: - පරිගණකයට සම්බන්ද වෙන්නේ USB port ඒකක් හරහා. කාලයක් තිස්සේ USB ඒක තම පරම්පරා කිපයක් පසුකරගෙන ඇවිත් තියනව.දැනට භාවිතා වන නවත්ම පරම්පරාව තමයි USB 3.0 කියන්නේ.


USB 1.0/1.1=12Mbps දත්ත සම්ප්‍රේශණ වේගයක් සහිතයි.

USB 2.0 =දැනට භාවිතා වන පරිගණක වැඩි ගණනක තියෙන්නේ මේ වර්ගය.දත්ත සම්ප්‍රේශණ වේගය 480Mbps වෙනව.

USB 3.0=4.8Gbps වගේ අති විශාල දත්ත සම්ප්‍රේශණ වේගයක් සහිතයි.

Mini සහMicro USB ආකාර වැඩිපුරම භාවිතා වෙන්නේ අතේ රැගෙන යා හැකි PDA,Phones,Cameras වගේ දේවල් වල









IDE(Integrated Drive Electronic)



IDE cable පාවිච්චි කරන්නේ storage device ඒකක් වන Hard drive ඒක,CD,DVD drives වගේ උපාංග මවුපුවරුවට සම්බන්ද කරන්න.මේ IDE cable ඒකක pin 40 තියනව.ඊට වඩා කුඩා 2.5"drive වර්ගය IDE cable වල pin 44 දකින්න පුලුවන්.




SATA(Serial Advanced Technology Attachment)








අලුතෙන්ම ඒන Hard drive වල දැන් භවිතා වෙන්නේ SATA cables තමයි.IDE කේබල් වලට වඩා SATA කේබල් සාර්ථක උනා.ඒමගින් සම්ප්‍රේශණය කරන්න පුලුවන් දත්ත ප්‍රමාණය වැඩි විම තමයි ඊට හේතුව.දැන් ඒන ගොඩාක් මවුපුවරු SATA වලට ගැලපෙන Port සහිතවයි ඒන්නේ.SATA Cable ඒකක දෙපැත්තේම ඒකවගේ.ඒක පැත්තක pin8 අඩංගු වෙනව.



eSATA(External Serial Advanced Technology Attachment)











eSATA කියන්නේ SATA cables වලම තාක්ශණික දිගුවක්.ඒමගින් බාහිරව SATA cables මගින් උපකරණ පරිගණකයට සම්බන්ද කරන්න පුලුවන්.උදා:විදියට බාහිරින් සවි කරන Hard drive ඒකක් Opticle drive ඒකක් ගන්න පුලුවන්.මේය වඩා වැදගත් වෙන්නේ ඒමගින් USB සහ Firewire වලට වඩා වේගයකින් දත්ත හුවමාරුව කල හැකි නිසායි.


Fire Wire




Fire Wire වල අරමුණ නම් USB වල වගේම තමයි,ඒ පරිගණක උපාංග වල දත්ත සම්ප්‍රේශණ වේගය වැඩි කිරිම.Printers,Scanners වගේ ලොකු සම්ප්‍රේශණ ධාරිතාවක් සහිත උපකරණ සම්බන්ද කරන්න භාවිතා වෙනවා.මේවා USB තරම්ම ජනප්‍රිය නෑ.නමුත් මේවායේ වර්ග 2 තියනව,


1394a-දත්ත සම්ප්‍රේශණ වේගය 400Mbps

1394b-දත්ත සම්ප්‍රේශණ වේගය 800Mbps

Ethernet




Ethernet cables භාවිතා කරන්නේ Local Area Network වලට.බොහොවිට Modems,Routers වගේ ඒවා පරිගණකයට සම්බන්ද කිරිමට භාවිතා වෙනව.දැනට Ethernet cables වර්ග 3 භාවිතයේ තියනව,



cat5 - දත්ත සම්ප්‍රේශණ වේගය 10Mbps or 100Mbps.

cat5e- දත්ත සම්ප්‍රේශණ වේගය 1000Mbps

cat6 -දත්ත සම්ප්‍රේශණ වේගය 10Gbps

Friday, September 18, 2015

windows 7 දාන්නේ මෙහෙමයි.


අපි අද බලමු අපේ පරිගණකයට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය install කරගන්නේ කොහොමද කියල.

අපි මුලින්ම බලමු අපේ පරිගණකයේ වින්ඩෝස් 7 වැඩඩකරන්න පුලුවන් ගුණාංග කියල.
1 GHz or faster 32-bit (x86) or 64-bit (x64) processor
1 GB RAM (32-bit) or 2 GB RAM (64-bit)
16 GB available disk space (32-bit) or 20 GB (64-bit) -- just for the OS, not applications or data files
DirectX 9 graphics processor with Windows Display Driver Model (WDDM) 1.0 or higher
Internet access


මේ ගුණාංග ඔයාගේ පරිගණකයේ තියනවනම් ඔයාටත් පුලුවන් වින්ඩෝස් 7 ඔයාගේ පරිගණකයේ install කරල වැඩකරගන්න.

මුලින්ම ඔයා වින්ඩෝස් 7 තියන DVD අරගෙන ඒක එයාගේ පරිගණකයේ DVD Rom එකට ඇතුලත් කරල ඔයාගේ පරිගණකය restart කරන්න.





ඊට පස්සේ ඔයාගේ පරිගණකයේ restart වෙලා එන Bios boot screen එකනේ boot menu එක තොරන්න.





ඒ එන boot menu එකෙන් ඔයාගේ DVD Rom එක තෝරලා එන්ටර් කරන්න.





එතකොට ඔයාගේ Rom එකට දාල තියන වින්ඩෝස් DVD එක කියවන්න පටන්ගන්නවා. එතකොට එන screen එකේදි එන්ටර් කරන්න.



ඊට පස්සේ ඔයාගෙ Rom එකේ තියෙන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය lode වෙන්න පටන් ගන්නවා.



දැන් තමයි අපි වින්ඩෝස් install කරන්න පටන්ගන්නේ. දැන් එන setup window එකෙන් install now කියන button එක ක්ලික් කරන්න.




ඊට පස්සේ එන window එකෙන් අපේ පරිගණකයේ වින්ඩෝස් 7 තියනවනම් ඒක upgrade කරන්න හරි අලුතෙන් නැවත පරිගණකයට වින්ඩෝස් 7 install කරන්න හරි පුලුවන.අපි දැන් බලමු පරිගණකයට අලුතෙන් වින්ඩෝස් 7 install කරනවනම් කරන්න ඕන මොකක්ද කියල. එහි ඇති Upgrade හා Custom(Advanced) යන්නෙන් Custom(Advanced) මත ක්ලික් කරන.



ඊට පස්සේ windows license terms window එකේ තියන I accept the license terms කියන එකට ටික් එක ක්ලික් කරල Next කරන්න.





දැන් පැමිණි එක තුලදී අපට පරිගණකයේ ඇති Hard Disk එකෙහි ඇති ප්‍රමාණය අප කලින් නිර්මාණය කරගන්නා ලද Partition පිළිබද විස්තර අපට දැකගන්න පුලුවන්. ඉන් පසු අපට අවශ්‍ය පරිදි වෙනස් කරගැනීම සදහා මෙහි ඇති Drive options (advanced) එක ක්ලික් කරන්න.




ඉන් පසුව එන window එකේදී අපගේ පරිගණකය අලුත් පරිගණකයක් නම් එහි Hard Disk එකේ අපිට අව්‍යශ පරිදි Partition කඩා ගැනීමත් එහි ප්‍රමාණය තීරණය කිරීමත් වින්ඩෝස් install කිරීමට අවශ්‍ය Partition එක තේරීමත් තීරණය කරන්නේත් මෙම window එකෙන් එන option මගින්ය. අපට අලුතෙන් Partition එකක් නිර්මාණය කිරීමට අවශ්‍යනම් මෙහි ඇති New එක ක්ලික් කිරීමෙන් කර ගැනීමට පුලුවන් අතර Partition එක delete කිරීමට අවශ්‍යනම් delete එක මත ක්ලික් කිරීමෙන් කරගත හැක.



ඉන්පුස එහිදි අපට වින්ඩෝස් install කරගැනීමට අවශ්‍ය Partition සිලෙක්ට් කර Next button එක ක්ලික් කරන්න.



ඊට පස්සෙ අපේවින්ඩෝස් 7 අපේ පරිගණකයට install වෙන්න පටන් ගන්නවා.



අපේ පරිගණකයට නිවැරදිව වින්ඩෝස් 7 install වුනාට පස්සේ අපේ පරිගණකය නැවත restart වෙනව. ඊට පස්සෙ අපට පුලුවන් User settings screen එකෙන් අපේ පරිගණකකය User Name එකක් දීලා Next button එක ක්ලික් කරන්න.



ඊලගට ඔයගේ User Account එකට Password එකක් දෙන්න ඕන.ඔයාට කැමති Password එකක් දීල Next Button එක ක්ලික් කරන්න.



ඊට පස්සේ අපේ වින්ඩෝස් 7 Original Version එකක් නම් ඒකට අදාළ Product Key එක දෙන්න ඕන.නැත්තම් වින්ඩෝස් 7 Crack කරපු එකක් නම් Product Key එකක් දෙන්න ඕන නෑ. මෙහි ඇති Automatically Activate Windows When I'm Online කියන එකේ ටික් එක අයින් කරල Next කරන්න.



ඊට පස්සෙ එන window එකේදී වින්ඩෝස් Update කරන්න අහනවා. Original Version එකක් නම් ඒක Update වුනාට අවුලක් නෑ. Crack කරපු එකක් නම් ඒක Update උනොත් අවුලක් වෙනව ඒක නිසා ඒකෙ තියන Ask Me Later කියන එක ක්ලික් කරන්න.



ඊට පස්සෙ අපිට තියෙන්නෙ අපේ දිනේ වේලාව හරියට හදාගන්න.ඒක නිසා අපේ ලංකාවට අදාල Time Zone එක අපි තොරන්න ඕන.ඒ නිසා Time Zone කියන තැනින් අපේ ලංකාවට අදාල Time Zone එක (GMT+06:00) Sri Jayawardenepura කියන්නෙ. ඒක තෝරලා වෙලාව දිනෙයි වැරදිනම් ඒකත් හදල Next කරන්න.



ඊට පස්සෙ අපිට එන්නෙ අපේ Network Location එක තෝරන් ඔයා වැඩ කරන තැනට අදාල Network Location එක තෝරල ඒක ක්ලික් කරන්න.




ඊට පස්සෙ ඕයා තෝරපු Network Location එකට අදාල Setting Apply වෙනව.



එතනින් ඔයාගේ වැඩ ඉවරයි.ඊට පස්සෙ ඔයාගේ වින්ඩොස් 7 අවසාන Setting Apply වෙනව.



ඊට පස්සෙ ඔයාගේ Welcome Log Screen එක Loading වෙනව.




ඊට පස්සේ වින්ඩෝස් 7 එක් ඔයාට අදාල Desktop එක Apply වෙනව.



ඔයාට අයිති Desktop එක දැන් එන්ව දැන් ඔයාගේ වැඩ ටික ඉවරයි.දැන් තියෙන් ඔයාගෙ පරිගණකයට අදාල Drivers,Virus Guard, ඕන කරන Software ටික දාගන්න තමයි.