Saturday, September 19, 2015

පරිගණකයට සම්බන්ධවන කනෙක්ටර් වර්ග









පරිගණකයට සම්බන්ද කරල තියන ඔනෑම උපකරණයක් බැලුවොත් පරිගණකය තුල වගේම ඒ උපකරණය තුලත් වයර් පිරිලා.අමුතු අමුතු නම් තියන ඒක ඒක පාට වයර් ගොඩාක්. ඔයාලට ප්‍රශ්ණත් ඇති,ඇයි හාඩ් ඒක සම්බන්ද කරන්න IDE හරි SATA හරි Cable ඒකක් භාවිතා කරන්නේ? ඇත්තටම USB 1.0,2.0,3.0 වල වෙනස් කම් තියනවද?Fire-wire කියන්නේ Fire wall ඒකේම කොටසක්ද? වගේ. මේ cable වර්ග වලට අපි හැමොම වගේ පාවිච්චි කරන්නේ කෙටි නම් SATA,IDE,USB වගේ.ඇත්තටම මේවායේ තෙරුම මොකක්ද?මේ වගේ ප්‍රශ්ණ ගොඩකට උත්තර ඔයාලට මෙ ලිපිය කියවල හොයාගන්න පුලුවන් වේවි. ගොඩාක් ජාතියේ Cable වර්ග තිබුණත් ඒවයින් කිපයක් ගැන විස්තර තමයි පහල තියෙන්නේ.


VGA (Video Graphics Array)





1980 ගණන් වල තමයි VGA connection ඒක පළමුවෙන්ම නිපද වලා තියෙන්නේ.මේක තමයි පරිගණක තිරයට පරිගණකය සම්බන්ද කරන සම්මත Cable ඒක.ඩිජිටල් කනෙක්ෂන්ස් වල පැමිණිමත් සමග ක්‍රමාණුකුලවVGA connection වල ජනප්‍රියතාව අඩු උනත් තවම video card සමග VGA port ඒකක් දකින්න පුලුවන්. VGA කනෙක්ෂන් ඒක හදුනාගන්න පුලුවන් පේලි 5 බැගින් පේලි 3 ලෙස පිහිටි Pin 15 මගින්.


DVI (Digital Visual Interface)







තාක්ශණය analog වලින් digital වලට ගමන්කරන විට VGA වෙනුවට පැමිණුන සාර්තකම තාක්ශණික පිලියම තමයි DVIකියන්නේ.මේවා LCD,LED වගේ display වල භාවිතා වනව.DVI Connections ආකාර 3 තියනව. DVI-A: සිග්නල් සම්ප්‍රේශණයට. DVI-D: නවතම digital සිග්නල් සම්ප්‍රේශණයට. DVI-I :analog/digital සිග්නල් වර්ග 2 ම සම්ප්‍රේශණයට.




HDMI (High Definition Multimedia Interface)









පසුගිය දශක 2 තුලදි High-Quality තමයි නවතම ප්‍රමිතිය උනේ දත්ත සම්ප්‍රේශණය කිරිමේ.අපි HD කියන්නේ මේක තමයි.VGA,DVI වගේ නෙවෙයි HDMI වලින් Audio/Video සිග්නල් වර්ග 2 ම ඒකවර යවන්න පුලුවන්.හැබැයි Digital signal විතරයි.ඒ කියන්නේ HDMI ගැලපෙන්නේ නවතම උපකරණ සමග පමනයි.HDMI connections වර්ග 4 තියනව.



Type A:pin19


Type B:pin29


Type C:pin19(Digital camera,PDA)


Type D:pin 19 (Micro USB cord)


USB (Universal Serial Bus)








USB Connection ඒක තමයි දැනට ලෝකය පුරාම පැතිරිලා තියන වඩාත් ජනප්‍රිය connection ඒක.සම්පුර්ණයෙන්ම වගේ පරිගණක උපාංග-keyboard,mics,headset,flash drive,ect: - පරිගණකයට සම්බන්ද වෙන්නේ USB port ඒකක් හරහා. කාලයක් තිස්සේ USB ඒක තම පරම්පරා කිපයක් පසුකරගෙන ඇවිත් තියනව.දැනට භාවිතා වන නවත්ම පරම්පරාව තමයි USB 3.0 කියන්නේ.


USB 1.0/1.1=12Mbps දත්ත සම්ප්‍රේශණ වේගයක් සහිතයි.

USB 2.0 =දැනට භාවිතා වන පරිගණක වැඩි ගණනක තියෙන්නේ මේ වර්ගය.දත්ත සම්ප්‍රේශණ වේගය 480Mbps වෙනව.

USB 3.0=4.8Gbps වගේ අති විශාල දත්ත සම්ප්‍රේශණ වේගයක් සහිතයි.

Mini සහMicro USB ආකාර වැඩිපුරම භාවිතා වෙන්නේ අතේ රැගෙන යා හැකි PDA,Phones,Cameras වගේ දේවල් වල









IDE(Integrated Drive Electronic)



IDE cable පාවිච්චි කරන්නේ storage device ඒකක් වන Hard drive ඒක,CD,DVD drives වගේ උපාංග මවුපුවරුවට සම්බන්ද කරන්න.මේ IDE cable ඒකක pin 40 තියනව.ඊට වඩා කුඩා 2.5"drive වර්ගය IDE cable වල pin 44 දකින්න පුලුවන්.




SATA(Serial Advanced Technology Attachment)








අලුතෙන්ම ඒන Hard drive වල දැන් භවිතා වෙන්නේ SATA cables තමයි.IDE කේබල් වලට වඩා SATA කේබල් සාර්ථක උනා.ඒමගින් සම්ප්‍රේශණය කරන්න පුලුවන් දත්ත ප්‍රමාණය වැඩි විම තමයි ඊට හේතුව.දැන් ඒන ගොඩාක් මවුපුවරු SATA වලට ගැලපෙන Port සහිතවයි ඒන්නේ.SATA Cable ඒකක දෙපැත්තේම ඒකවගේ.ඒක පැත්තක pin8 අඩංගු වෙනව.



eSATA(External Serial Advanced Technology Attachment)











eSATA කියන්නේ SATA cables වලම තාක්ශණික දිගුවක්.ඒමගින් බාහිරව SATA cables මගින් උපකරණ පරිගණකයට සම්බන්ද කරන්න පුලුවන්.උදා:විදියට බාහිරින් සවි කරන Hard drive ඒකක් Opticle drive ඒකක් ගන්න පුලුවන්.මේය වඩා වැදගත් වෙන්නේ ඒමගින් USB සහ Firewire වලට වඩා වේගයකින් දත්ත හුවමාරුව කල හැකි නිසායි.


Fire Wire




Fire Wire වල අරමුණ නම් USB වල වගේම තමයි,ඒ පරිගණක උපාංග වල දත්ත සම්ප්‍රේශණ වේගය වැඩි කිරිම.Printers,Scanners වගේ ලොකු සම්ප්‍රේශණ ධාරිතාවක් සහිත උපකරණ සම්බන්ද කරන්න භාවිතා වෙනවා.මේවා USB තරම්ම ජනප්‍රිය නෑ.නමුත් මේවායේ වර්ග 2 තියනව,


1394a-දත්ත සම්ප්‍රේශණ වේගය 400Mbps

1394b-දත්ත සම්ප්‍රේශණ වේගය 800Mbps

Ethernet




Ethernet cables භාවිතා කරන්නේ Local Area Network වලට.බොහොවිට Modems,Routers වගේ ඒවා පරිගණකයට සම්බන්ද කිරිමට භාවිතා වෙනව.දැනට Ethernet cables වර්ග 3 භාවිතයේ තියනව,



cat5 - දත්ත සම්ප්‍රේශණ වේගය 10Mbps or 100Mbps.

cat5e- දත්ත සම්ප්‍රේශණ වේගය 1000Mbps

cat6 -දත්ත සම්ප්‍රේශණ වේගය 10Gbps

No comments:

Post a Comment