Thursday, October 1, 2015

පරිගණක පද්ධතිය හදුනාගමු..







පරිගණකයක් කියන්නෙ මොකක්ද?

පරිගණකයක් යන්නෙන් අදහස් වන්නේ ලබා දී ඇති උපදෙස් මත ක්‍රියාකරණ යන්ත්‍රයකි. වෙනත් ඕනෑම යන්ත්‍රයක් නිෂ්පාදනය කරන අවස්ථාවේම නිෂ්චිත කාර්යයක් සිදු කිරීම සඳහා සැලසුම් කරන නමුත් පරිගණකයක් සැලසුම් කරන්නේ එහි මතකයට (Memory) ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමටයි. ඒ අනුව පරිගණකය යනු ක්‍රමලේඛයක් මත ක්‍රියාවලිය පාලනය කල හැකි යන්ත්‍රයකි.

අපිට ප්‍රධාන වශයෙන් පරිගණකය පද්ධතියක් වශයෙන් කොටස් 02 කට බෙදන්න පුලුවන්.


1. Hardware - දෘඪාංග

2. Software - මෘදුකාංග





Hardware - දෘඪාංග

අපි මුලින්ම බලමු දෘඩාංග හෙවත් Hardware වලට අයිති වෙන්නේ මොනවද කියල. අපිට දෘඪාංග(Hardware) කොටස් 04 ක් යටතේ කතා කරන්න පුලුවන්.


1. Processor


2. Main Memory


3.Input Devices


4.Output Devices



Processor


අපි මුලින්ම බලමු දත්ත සකසනය (Processor) එකෙන් මොනවද කරන්නෙ කියල. මේ කොටසින් අපි පරිගණකයට ඇතුලත් කරන දත්ත නිවැරදිව හා අවශ්‍ය ආකාරයට සකස් කිරීම කරනුයේ මෙමගින්ය.









Main Memory


මෙම ප්‍රධාන මතකය මගින් කරනුයේ අපි ඇතුලත් කරන දත්ත හා තොරතුරැ ගබඩා කිරීම මෙහි සිදුවන අතර පරිගණකය ක්‍රියාවිරහිත කල විට මෙහි දත්ත මැකී යයි.








Input Devices


මෙමගින් අපි පරිගණකයට දත්ත ඇතුලත් කිරීම සදහා යොදා ගන්නා පරිගණකයට සම්බන්ධකර ඇති කොටස් input device ලෙස අපිට හදුන්වන්න පුලුවන්.







Output Devices

දත්ත සකස් කිරීමෙන් පසුව එම දත්ත පිටතට ලබා දීම සදහා ඇති උපාංග Output Devices ලෙස අපිට හදුන්වන්න පුලුවන්.






Software - මෘදුකාංග





පරිගණක මෘදුකාංග (Computer Software) යනු පරිගණකයක් භාවිතා කර යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගණක වැඩසටහන් (Programs), ඒ සම්බන්ධ උපදෙස්, ලේඛන, ක්‍රියාවලි එකක් හෝ කිහිපයක එකතුවකි. නැතහොත් පරිගණක පද්ධතියක් යම් අරමුණක් කරා මෙහෙය වීම සදහා පිළිවෙලකට ලබා දී ඇති උපදෙස් මාලා සමුහය පරිගණක මෘදුකාංග ලෙස හැදින්වේ.


පරිගණක වදන් සකසන මෘදුකාංග (Word Processing Software) වැනි යෙදුම් මෘදුකාංග (Application Software) මෙන්ම මෙහෙයුම් පද්ධති (Operation System) වැනි පද්ධති මෘදුකාංගද (System Software) මීට අයත් වේ. තවද සේවා පද්ධති (Servers), විසිරි පද්ධති (Distributed Computers) වල ක්‍රියාකාරීත්වයටද මෘදුකාංග අවශ්‍ය වේ.





System Software.(පද්ධති මෘදුකාංග)


පරිගණකයක මුලික ක්‍රියාකාරීත්වයට අදාළ කාර්යයන් ඉටු කිරීම සදහා නිර්මාණය කරනු ලබන මෘදුකාංග මේ යටතට ගැනේ. ක්‍රියාකාරීත්වය අනුව පද්ධති මෘදුකාංග 3 ආකාරයකින් දක්නට ලැබේ.



මෙහෙයුම් පද්ධති (Operating System - OS)


භාෂා පරිවර්ථක (Language Translators)


උපයෝගීතා මෘදුකාංග (Utility Software)


යෙදුම් මෘදුකාංග (Application Software)



පරිගණකය ක්‍රියාකරවන්නෙකුට තම අවශ්‍යතාව ඉටු කරලීම සදහා පරිගණක තුල ක්‍රියාත්මක කල යුතු මෘදුකාංග යෙදුම් මෘදුකාංග වෙයි. එසේම පද්ධති මෘදුකාංග මෙන් නොව දිනෙන් දින නව යෙදුම් මෘදුකාංග වෙළදපොලට එකතු වෙමින් පවතී. යෙදුම් මෘදුකාංග වලට උදාහරණ නම්



Word processing software


Spreadsheet software


Database management system software


Antivirus software









No comments:

Post a Comment